මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව (2020/01/01)

 මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව 

(2020/01/01 සිට බලපැවැත්වේ.) 

Conceptual framework for Financial Reporting) 

 

මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ අරමුණ (2020/01/01) 
 

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයට ගිණුම් කරන ප්‍රමිත සන්ගතභාවයකින් යුතුව (එකාකරිව ) සකස්කිරීම සඳහා උපකාරී වීම. 
  • කිසියම් විශේෂිත ගනුදෙන්නුවක් හෝ අනෙකුත් සිද්දියක් සඳහා ගිණුම්කරණ ප්‍රමිතයක් භාවිතා කල නොහැකි අවස්ථාවකදී හෝ ගිණුම්කරණ ප්‍රමිතයක් මගින් ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති විට මුල්‍ය ප්‍රකාශන පිලියල කිරීමට උපකාරී වීම. 
  • සියලුම පාර්ශවයන්ට ගිණුම්කරණ ප්‍රතිපත්ති පිලියල කිරීමට උපකාරී වීම  

 
මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ සංයුතිය  

 
වන පරිච්ජේදය : පොදු පරමාර්ථ මුල්‍ය වාර්තා කරණයේ අරමුණු 
වන පරිච්ජේදයමුල්‍ය තොරතුරු වල ගුණාත්ම  ගති ලක්ෂණ 
වන පරිච්ජේදයමුල්‍ය ප්‍රකාශන හා වාර්තා කරන ඒකක 
වන පරිච්ජේදයමුල්‍ය ප්‍රකාශන වල මුලිකාංග 
 
 

පොදු පරමාර්ථ මුල්‍ය වාර්තා කරණයේ අරමුණු  

 

ාර්තාකරණ ඒකකයක දැනට සිටින සහ අපේක්ෂිත (විභව)ආයෝජකයන්ට, යසපයන්ට සහ අනෙකුත් ණයහිමියන්ට එම ඒකකයට අදාලව සම්පත් සැපයීම පිළිබද තීරණ ගැනීමට අවශ්‍ය වන මුල්‍ය තොරතුරු සැපයීමයි. 

 

මුල්‍ය ප්‍රකාශන මුලිකාංග  

 

  • වත්කම් 

  • වගකීම 

  • හිමිකම් 

  • අදායම් 

  • වියදම් 

 

වත්කම් 

 

අතීත සිදුවිමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පතකි. 

ආර්ථික සම්පත් යනු ආර්ථික ප්‍රතිලාභ උපදවිමේ භාව්‍යතාවයක් ඇති අයිතියකි. 

 

වගකීම 

අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයන් සතු වර්තමාන බැදියවකි . 

හිමිකම 

 

ව්‍යාපාරයේ වත්කම් වලින් එහි සියලුම වගකීම් අඩුකළ පසු වත්කම් වල ඉතිරිවන ඇල්මය. 

 

අදායම 

වත්කම් වල වැඩිවීම හෝ වගකීම් වල අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හිමිකම් සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වය හැර හිමිකමෙහි සිදුවන වැඩිවීමකි. 

වියදම් 

 

වත්කම් වල අඩුවීමේ හෝ වගකීම් වල වැඩිවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හිමිකම් සඳහා සහභාගී වන්නන්ට කරන බෙදා හැරීමක් නොවන හිමිකමෙහි සිදුවන අඩුවීමකි. 

 

 
 

මුල්‍ය ප්‍රකාශන වල මුලිකාංග හදුනාගැනීම  

 

  • වත්කමක හෝ වගකිමක සහ ඒවායේ ප්‍රතිඵලයන්  ලෙස ඇතිවන ඕනෑම අදායම් වියදම් හෝ හිමිකමේ වෙනස්ව්ම් පිළිබද අදාල තොරතුරු සැපයීම 
  • වත්කමක හෝ වගකිමක සහ ඒවායේ ප්‍රතිඵලයන් ලෙස ඇතිවන ඕනෑම අදායම් වියදම් හෝ හිමිකමේ වෙනස්ව්ම් පිලිබදව විශ්වසනීය නියෝජනයක් සිදුකිරීම
  • නිර්වචනයට අනුකුල වීම                 


  •  

 

මුල්‍ය ප්‍රකාශන වල මුලිකාංග මැනීම 

මුල්‍ය ප්‍රකාශන වල මුලිකාංග මැනීම පහත ක්‍රම 2 යටතේ සිදු කරනු ලැබේ. 


  • 1.ඓතිහාසික පිරිවැය 
  • 2.ප්‍රවර්තන අගය  
           * සාධාරණ අගය 
            *ප්‍රයෝජ්‍ය අගය සහ ඉෂ්ටකිරීමේ අගය 
            *ප්‍රවර්තන පිරිවැය 

 

 

මුල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක  

 

  • ලා/ලා සහ වෙනත් විස්තීරණ අදායම් ප්‍රකාශනය  

  • මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය  

  • හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය  

  • මුදල් ප්‍රවාහ ප්‍රකාශ  

  • ගිණුම්කරණ සටහන්  

 

මුල්‍ය ප්‍රකාශනවල පැවරිය යුතු ගුණාත්මක ලක්ෂණ  

 

 

 
 

 

මුල්‍ය ප්‍රකාශන පිලියල කිරීමේදී බලපවත්වන උපකල්පන  

අඛණ්ඩ පැවැත්ම. 

Comments