Accounting
නිෂ්පාදන ගිණුම් අභ්‍යාස සහ පිළිතුරු
01.
ගඩොල් නිෂ්පාදකයකු වන සිරිසර
සමාගමේ 2019 ගිණුම් වර්ෂයේ පොත් වලින් පහත තොරතුරු
උපුටා ගෙන ඇත.
2019/04/01 2020/03/31
අමුද්‍රව්‍ය 15,000 27,000
කෙරීගෙන යන වැඩ 60,000 63 ,000
නිමි තොග 42,000 ?
2020/3/31 දිනෙන් අවසන් වර්ෂය අදාල විස්තර
අමුද්‍රව්‍ය ගැනුම් 480,000
විකුණුම් 1,404,000
ඍජු වේතන 180,000
නිෂ්පාදන පොදු කාර්ය 150,000
උපකරණ ක්ෂය 9000
·
2019/4/1 දිනට තොගයේ තිබු ගඩොල් ප්‍රමාණය එකක 15,000කි.
·
වර්ෂය තුලදී නිෂ්පාදනය කල ගඩොල් ප්‍රමාණය
ඒකක 270,000කි.
·
විකුණු ඒකක සංඛ්‍යාව 276,000කි.
·
විකුණන සෑම ගඩොලකටම රුපියල් 1ක පුරස්කරයක් ගෙවයි.
ඔබ විසින්
1. නිෂ්පාදන පිරිවැය ලේඛනය
2. එක ගඩොලක පිරිවැය
3. අවසාන නිමි තොගය
4. වෙළද ගිණුම පිලියල කරන්න.
02.
ලී බඩු නිෂ්පාදනය කරනු ලබන සැනසුම ව්‍යාපාර ආයතනය පුටු සෑදීමට යන වියදම
පිළිබද තොරතුරු පහත දක්වා ඇත.
·
2019/04/01 දින ලී තොගය රු.124,000
·
ලී තොගය තුල වර්ග අඩි 612 අඩංගු වේ.
·
එක පුටුවක් නිපදවීම සඳහා වඩු බාස්ට රු.2000 ගෙවනු ලබයි.
·
පුටුවක පුරස්කාර වියදම රු.80කි
·
වර්ෂය තුල එක වර්ග අඩියක් රු.360 බැගින් වර්ග අඩි 528 මිලට ගෙන ඇත.
පුටුවක් සැදීමට ලී වර්ග අඩි 12 අවශ්‍ය වේ.
නිෂ්පාදන කටයුතු සඳහා දැරූ අමතර වියදම්
·
වරිපනම් 6500
·
තීන්ත ආලේපන රු.32,000
·
උපකරණ ක්ෂය රු. 86,000
2020/3/31 ලී තොගයේ තවත් පුටු 12 සඳහා ලී ඉතිරිව තිබුණි.
(ව්‍යාපාරය FIFO ක්‍රමයට තොග නිකුත් කරන බව සලකන්න.)
අවශ්‍ය වන්නේ
1. නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න.
2. පුටුවක පිරිවැය කොපමණද
3. එක පුටුවක් රු.7500 බැගින් පුටු 85 අලෙවි කලේ නම් හා ප්‍රචාරණ හා අනෙකුත්
වියදම් සඳහා රු.38,000 දැරුවේ නම් ආයතනයේ ලාභය හෝ අලාභය ගණනය
කරන්න.
පිළිතුරු
Comments
Post a Comment