එකතු කල අගය මත බදු (VALUE ADDED TAX(VAT) සඳහා ගිණුම්කරණය
VAT |එකතු කල අගය මත බද්ද 2002 අංක 14 දරණ පනත මගින් හදුන්වා දෙන ලද අතර එය 2002 අගෝස්තු 01 වැනි දින සිට බල පැවැත්වේ. භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට එකතු කල අගය මත බද්ද පනවන ලද අතර එය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අයකරන බද්දකට බොහෝ සෙයින් සමාන වේ.
මෙය දේශීය භාණ්ඩ භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි.
ශ්‍රී ලංකාවට ආනනයනය කරන භාණ්ඩ සදහා සහ ශ්‍රී ලංකා දේශ සීමාව තුල සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම විෂය පථයට ඇතුලත් වේ.
මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදා හැරීමේ ජලයේ සෑම අදියරකදීම එකතු කල අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දකි.
බද්ද අවසන් වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝජකයා විසින් දරනු ලබයි.
VAT වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම් කරුවන් හරහා අවසන් පාරිභෝජකයා ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේදී රජයට ලැබේ.
VAT සදහා බැදියාව
- නිෂ්පාදකයන්
- ආනයනකරුවන්
- සේවා සපයන්නන්
- ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සපයන සැපයුම්කරුවන්
- තොග හා සිල්ලර ව්‍යාපාර
VAT බදු අනු ප්‍රමාණය 8%( 2019/12/01 සිට)
VAT සඳහා ගිණුම් තැබීම
ගැනුම් සඳහා ගිණුම් තැබීම
ගැනුම් ගිණුම හර
VAT ගිණුම හර
ණය හිමි පාලන ගිණුම බැර
ආපසු යැවුම් සඳහා
ණයහිමි පාලන ගිණුම හර
ආපසු යැවුම් ගිණුම බැර
VAT ගිණුම බැර
විකුණුම්
ණය ගැති පාලන ගිණුම හර
විකුණුම් ගිණුම බැර
VAT ගිණුම බැර
ආපසු එවුම් ගිණුම හර
VAT ගිණුම හර
ණය ගැති පාලන ගිණුම බැර
VAT ගෙවීම
සෑම මසකටම අදාල VAT ගෙවීම ඊලග මස 20 වන දිනට පෙර සිදු කල යුතුය.
Its really a amazing post with useful knowledge thanks for sharing.
ReplyDeleteonline accounting services
Its really a amazing post with useful knowledge thanks for sharing.
ReplyDeleteonline accounting services