ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන-1
ලාභ අරමුණින් තොරව වෙනත් අරමුණු උදෙසා රාජ්‍ය අංශය තුල
මෙන්ම රාජ්‍ය නොවන ආයතන ලෙස බිහිවී ඇති ආයතන සියල්ල ලාභ අරමුණු කර නොගත් සංවිධාන වේ.
ලාභ අරමුණු කර නොගත් සංවිධාන සකස් කරන ගිණුම් හා මුල්‍ය වාර්තා
1. ලැබීම් හා ගෙවීම් ගිණුම / මුදල් ගිණුම
2. සාමාජික මුදල් ගිණුම
3. ආදායම් සහ වියදම් ගිණුම / ආදායම් ප්රකාශනය
4. මුල්‍ය තත්ත්ව ප්රකාශනය
5. බාහිර ක්‍රියාකාරකම්වලින් සිදුවන ප්‍රතිඵල ගණනය කිරීම සඳහා ආදායම් ප්රකාශනය
ලැබීම් හා ගෙවීම් ගිණුම / මුදල් ගිණුම
සංවිධානයක ගිණුම් කාල පරිච්ජේදය තුළ මුදලින් කළ ගෙවීම් සහ මුදලින් ලැබූ වටිනාකම්වල සාරාංශයක් පමණක් මෙම ගිණුමෙහි සටහන් කිරීම සිදුවේ.
ලැබීම් හා ගෙවීම් ගිණුම සංගමයේ වත්කම් ගිණුමක් වන බැවින්,
·
ලැබීම් ( ලැබීම් සියල්ල හර කරන අතර)
- · සාමාජික මුදල්
- · ඇතුලත්වීමේ ගාස්තු
- · ආධාර හා පරිත්‍යාග
- · විශේෂ වැඩසටහන් වලින් ලැබීම
ගෙවීම්
- · වියදම් සඳහා
- · පරිත්‍යාග ගෙවීම
- · විශේෂ ක්‍රියාකාරකම්
- · වත්කම් මිලට ගැනීම
මෙම ගිණුමෙහි අවසාන ශේෂයෙන් පෙන්නුම් කරන්නේ කාලච්ජේදය අවසානයේ ඉතිරි මුදල් ශේෂය යි. මෙය මුදල් පදනමට පිළියෙල කරයි
පහත තොරතුරු අරුණලු ක්‍රීඩා සමාජයේ
/2018/03/31 අවසන් වර්ෂයට අදාල වේ.එම තොරතුරු ඇසුරෙන් ලැබීම් ගෙවීම් ගිණුම පිලියල කරන්න.
- · 2014/04/01 මුදල් ශේෂය 8000
- ·
සාමාජික මුදල් 50000
- ·
පරිත්‍යාග 10000
- ·
ඇතුලත්වීමේ ගාස්තු 3000
- ·
ගොඩනැගිලි කුලී 8000
- ·
විදුලි වියදම් 3500
- ·
වරිපනම් 1000
- ·
වේතන 24000
- ·
පොලි ලැබීම 10000
- ·
ලිපිද්‍රව්‍ය 5000
- ·
රක්ෂණය 8000
ආදායම් ප්රකාශනය (ආදායම් සහ වියදම් ගිණුම)
ලාභ අරමුණු කර නොගත් සංවිධානවල කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සංගමය සිදුකරන ලද මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ගණනය කිරීම සඳහා පිළියෙල කරන ප්රකාශනය ආදායම් ප්රකාශනය යි.
කාලච්ජේදයට
අදාළ ආදායම් වියදම් ඇතුළත් කර, සකස් කරන මෙම ප්රකාශනය උපචිත පදනමට පිළියෙල කරයි.
මෙම ප්රකාශනයෙන් අනාවරණය වන ප්‍රතිඵලය අතිරික්තය හෝ ඌනතාව ලෙස හැඳින්වේ.
වියදම ඉක්මවා ලබන ආදායම අතිරික්තය ලෙසත්, ආදායම ඉක්මවා යන වියදම ඌනතාව ලෙසත් හඳුනා ගන්නා අතර, අතිරික්තයන් එක්රැස් වීමෙන් සමුච්චිත අරමුදල ගොඩනැගේ. කාල පරිච්ඡේදයක ඌනතාව හේතුවෙන් සමුච්චිත අරමුදල අඩු වේ.
පහත තොරතුරුයසෝදරා විද්‍යාලයේ වාණිජ සංගමයට 2019 වර්ෂයට අදාල
වේ.එම තොරතුරු සැලකිල්ලට ගෙන අදායම් වියදම්
ගිණුම පිලියල කරන්න,
- · සාමාජික මුදල් ලැබීම 50000 මෙම වර්ෂයට අදාලව රු.10,000 ලැබිය යුතුව ඇත.
- ·
බැනර් ප්‍රදර්ශනය කිරිම්මෙන් ලැබීම 40000
- ·
කි ටැග් අලෙවියෙන් රු.8000
- ·
ආහාර විකිණීමෙන් 20,000
- ·
ලිපිද්‍රව්‍ය වියදම් රු.5000
- · මුද්‍රණ ගාස්තු ගෙව්වා 40,000. තව රු.20,000 ගෙවීමට ඇත.
- ·
ආලෝක කරණය 25000
- · ශබ්ධ පරිපාලනය සඳහා රු.45000. මෙය මෙතෙක් ගෙවා නැත.
- · සමරු කලාපයෙන් ලැබීම රු.200,000. රු.50,000ක වෙළද දැන්වීම් සඳහා තවම මුදල් ලැබී නැත.
- ·
ටවර් හෝල් රගහලට ගෙව්වා රු.100,000
- · ඇදුම් නිර්මාණය සඳහා රු.25000 ගෙවිය යුතුව ඇත.
- · සංගීත ශිල්පින් සදහා ගෙවූ අත්තිකාරම් මුදල රු.10,000කි. එකග වූ මුළු වටිනාකම රු.50,000කි.
සාමාජික මුදල් ගිණුම
ලාභ අරමුණු කර නොගත් සංවිධානවල
ප්‍රධාන ආදායම්
මාර්ගය වන්නේ සාමාජික මුදල් වන අතර එයට අදාළ
තොරතුරු සාමාජික මුදල් ගිණුමක සටහන් කෙරේ
සාමාජික මුදල් ගිණුම |
|||
ඉ/ගෙ /ශේෂය (1) |
** |
ඉ/ගෙ /ශේෂය (2) |
** |
අදායම් වියදම්
ගිණුම (5) |
*** |
මුදල් ගිණුම (3) |
**** |
ප/ගෙ /ශේෂය (7) |
** |
අදායම් වියදම්
ගිණුම /කපා හැරීම (4) |
** |
|
|
ප/ගෙ /ශේෂය (6) |
** |
|
**** |
**** |
|
ඉ/ගෙ /ශේෂය (6) |
|
ඉ/ගෙ /ශේෂය (7) |
|
වර්ෂය / කාලච්ජේදය අවසාන දිනට,
■ හිඟ හිටි සාමාජික මුදල් -1
■ කලින් ලද සාමාජික මුදල්-2
○ වර්ෂය තුළ මුදලින් ලද සාමාජික මුදල් 3
- සාමාජික මුදල් කපා හැරීම-4
- වර්ෂයට අදාළ සාමාජික මුදල්
● වර්ෂය / කාලච්ජේදය ආරම්භක දිනට,
■ හිඟ හිටි සාමාජික මුදල්-6
■ කලින් ලද සාමාජික මුදල්-7
සාමාජික මුදල් කපා හැරීම
ලැබිය යුතු සාමාජික මුදලක් නොලැබෙන
විට එය අලාභයක් ලෙස සලකා කපා හරි(.මෙය බොල් ණය කපා හරින ආකාරයට සිදු කරයි.)
අදායම් වියදම් ගිණුම / කපා හල සාමාජික මුදල් හර
සාමාජික ගිණුම බැර
උදා:
කිර්ති ක්‍රීඩා සමාජයේ පොත් වලින් 2017/12/31 අවසන් වර්ෂයට
අදාලව පහත තොරතුරු සපයා ඇත.
·
2017/1/1 ලැබිය යුතු සාමාජික මුදල 20000
·
2017/12/31 වර්ෂය සඳහා සාමාජික මුදල් ලැබීම රු.250,000
·
2016 වර්ෂයේදී 2017 සඳහා ද මුදල්
ලබා දී තිබු සාමාජික මුදල් ප්‍රමාණය 12000කි.
·
2017 වර්ෂයේදී 2018 වර්ෂය සඳ ලබා
දී තිබු සාමාජික මුදල් ප්‍රමාණය රු. 6000කි.
·
මුදල් නොගෙවූ සාමාජිකයන්ට අදාලව සාමාජික මුදල්
කපා හරිම රු. 4000කි.
2017/12/31 වර්ෂයට අදාලව
සාමාජික මුදල් ගිණුම පිලියල කරන්න.
යාවජීව සාමාජික මුදල්
සංවිධානය තීරණය කරන මුදල එකවර ගෙවා මුළු ජීවිත කාලය සඳහාම සාමාජිකත්වය ලබා ගැනීම යාවජීව සාමාජිකත්වය වේ. මෙම සාමාජික මුදල් සටහන් කිරීම සඳහා යාවජීව සාමාජික මුදල් ගිණුම නැමැති ගිණුමක් පවත්වා ගනි.සංගමය විසින් තීරණය කරනු ලබන වටිනාකමක් පමණක් මෙම ගිණුමෙන් වාර්ෂිකව,
සාමාජික මුදල් ගිණුමට හෝ සෘජුව ම ආදායම් හා වියදම් ගිණුමට මාරු කෙරේ.
වර්ෂය අවසානයේ ඇති යාවජීව සාමාජික මුදල් ගිණුමේ ශේෂය මූල්‍ය තත්ත්ව ප්රකාශනයේ සමුච්චිත අරමුදලට පසුව වෙනම ම දක්වනු ලැබේ.
Comments
Post a Comment