යාවජීව සාමාජික මුදල්
එකවර මුදලක් ගෙවා මුළු ජීවිත කාලයට ම සාමාජිකත්වය ලබා ගැනීම
යාවජීව සාමාජිකත්වය වේ. මෙම සාමාජික මුදල් සටහන්
කිරීම සඳහා යාවජීව සාමාජික මුදල් ගිණුම නැමැති ගිණුමක් පවත්වා ගනි.සංගමය විසින් තීරණය කරනු ලබන වටිනාකමක් පමණක් මෙම ගිණුමෙන් වාර්ෂිකව,
සාමාජික මුදල් ගිණුමට හෝ සෘජුව ම ආදායම් හා වියදම් ගිණුමට මාරු කෙරේ.
වර්ෂය අවසානයේ ඇති යාවජීව සාමාජික
මුදල් ගිණුමේ ශේෂය මූල්‍ය තත්ත්ව ප්රකාශනයේ සමුච්චිත අරමුදලට පසුව වෙනම ම දක්වනු ලැබේ.
යාවජීව සාමාජික
මුදල් ලැබෙන විට
ලැබීම් ගෙවීම් ගිණුම හර
යාවජීව සාමාජික මුදල් ගිණුම බැර
කලච්චේදයට අදාල
ප්‍රමාණය යාවජීව සාමාජික මුදල් ගිණුමෙන් මාරු කරන විට
යාවජීව සාමාජික මුදල් ගිණුම හර
අදායම් වියදම් ගිණුම/සාමාජික මුදල් ගිණුම
බැර
උදාහරණ
වෘත්තීය සංගමයක මාසික සාමාජික මුදල රුපියල් 100 කි. 2018.01.01 දිනට සාමාජික සංඛ්‍යාව 65 කි. 05 දෙනෙකු 2018 වර්ෂය ආරම්භයේ දී යාවජීව සාමාජිකත්වය ලබා ගෙන ඇත. යාවජීව
සාමාජිකයින් වර්ෂ 10 ක සාමාජික මුදල් එකවර ගෙවිය යුතුය. එමෙන් ම යාවජීව සාමාජික
මුදල්, එම සාමාජිකත්වය ලබාගත් වර්ෂයේ සිට වර්ෂ 08 ක දී ආදායම් ප්රකාශනයට හඳුනා ගනී.
අවශ්‍ය වන්නේ
(1). 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළ යාවජීව
සාමාජික මුදල් ගිණුම පිලියල කරන්න
සමුච්චිත අරමුදල
ලාභ අරමුණු
කර නොගත් සංවිධානයක හිමිකරුවන් වන්නේ එහි සාමාජිකයන්ය.එකී හිමිකරුවන්ගේ හිමිකම සමුච්චිත
අරමුදල ලෙස හදුන්වයි.
කිසියම් නිශ්චිත දිනකට සංගමය සතු මුළු වත්කම්වලින් මුළු වගකීම්වල
වටිනාකම අඩු කිරීමෙන් සමුච්චිත අරමුදල ගණනය කරයි.
සමුච්චිත අරමුදල = මුළු වත්කම් - මුළු වගකීම්
තත්ත්ව විස්තරය
තත්ත්ව විස්තරය පිලියල කිරීමෙන් සමුච්චිත අරමුදල සොයා ගත හැකිය.
උදා: ක්‍රීඩා සමාජයක 2019/01/01 දිනට පහත තොරතුරු සපයා ඇත.
ඉඩම් හා ගොඩනැගිලි 2000,000
මෝටර් රථ 1500,000
ලීබඩු 200,000
බැංකු ණය 800,000
උපචිත වැටුප් 200,000
මුදල් 50,000
ඉහත තොරතුරු ඇසුරෙන් 2019/01/01 දිනට සමුච්චිත අරමුදල ගණනය කරන්න.
Comments
Post a Comment